අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු තුන් දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදු වුණා.ඒ දේශපාලන කටයුතු සදහා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකර රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින්.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රූපවාහිනී සංස්ථාවේ මුදල් වැය කොට දේශපාලන කටයුතු සදහා ජී.අයි පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී තිබෙනවා. රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූපසිංහ, හිටපු අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු ද ඊට ඇතුළත්. ඔවුන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු නඩුව අවසන් වන තෙක් විදේශ ගතවීම වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කෙරුණා. එක් විත්තිකරුවකුට රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේ.