මධ්‍යම චීනයේ කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.
අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ගින්න මැඩ පැවැත්වීම සදහා ගිණි නිවන බටයින් 60 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැය 6 කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබෙනවා. කර්මාන්ත ශාලාවේ පැති රැසක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව ද සදහන්. එම කර්මාන්ත ශාලාව තුළ යකඩ නිෂ්පාදන, ගොඩනැගිලි නිෂ්පාදන ද්‍රව්‍ය හා ඇගලුම් තිබි ඇති බව මාධ්‍ය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක අතර පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.