75වන නිදහස් සමරු දිනයේ දි ජාතික උද්‍යාන, විනෝද හා උද්භිත උද්‍යාන නොමිලේ නැරඹිමට ජනතාවට අවස්ථාව සලසා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. එදින රටපුරා පිහිටි සිනමාහල්වලදි ප්‍රවේශ ගාස්තුවෙන් 50%ක් පමණක් ගෙවා චිත්‍රපට නැරඹිමේ අවස්ථාව ද ජනතාවට උදා කර දෙන බවයි කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේ දි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/yekNRNIx5yg”]