පුරාවිද්‍යා නටඹුන් විනාශ කරමින් නිදන් හෑරීම සඳහා අම්පාර උහන ප්‍රදේශයේ කැනීම් සිදුකරමින් සිටි පුද්ගලයන් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උහන පොලිස්වසමේ බොක්කබැද්ද හා ලාතුගල යන ගම්මානවලට ආසන්නයේ පිහිටි ගල්ඔරුව කන්ද ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකෙරුණේ. මෙම රක්ෂිතයට නීතිවිරෝධී අයුරින් ඇතුළු වූ සැකකරුවන් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ සෙවීමේ අරමුණෙන් මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් විනාශ කර තිබෙනවා. සැකකරුවන් කොස්ගම, රුවන්වැල්ල සහ හංවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. සැකකරුවන් ළඟ තිබී පුරාවස්තු විනාශ කිරීම් සඳහා යොදාගත් උපකරණ රැසක්ද සොයා ගැනුණා.