fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප් 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2022 17:21

ට්‍රම්ප් 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයට

2024 ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වන බව ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කළා.

ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ රටක් බවට පත්කිරිම තම අපේක්ෂාව බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.

රට විනාශ කරන ඩිමොක්‍රටික් බලපෑම් ඉවත් කිරිමට තමා සුදානම් බව ද ඔහු පවසා තිබෙනවා. ඇමෙරිකාවේ ෆොරිඩා ප්‍රාන්තයේ මාර් අ ලාගෝ හිදි තම පාක්ෂිකයින් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව කියා සිටියා.

රිපබ්ලික් පාක්ෂිකයින් අතර හිටපු ජනාධිපතිවරයාට තවමත් අතිශය ජනප්‍රියත්වයක් හිමියි.

එහෙත් පසුගිය සතියේ පැවති අන්තර් කාලීන මැතිවරණයෙන් අපේක්ෂා කල තරම් ජයග්‍රහණයක් ලබා ගැනීමට රිපබ්ලිකන් පක්ෂයට නොහැකි විම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවනවා.

කෙසේ වුවද ජනාධිපතිවරණයට තරඟ වැදිම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්  රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්ව තරගයෙන් ජයග්‍රහණය කළ යුතුයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2022 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්