රුසියානු හමුදා යුක්රේනයේ කර්සන් ප්‍රදේශයේ යුධ අපරාධ සිදු කර ඇති බවට ජනාධිපති වොල්දෝමියර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.
කර්සන් ප්‍රදේශයේ යුධ අපරාධ සිද්ධීන් හාරසියකට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.
රුසියා හමුදා ඝාතනය කළ සාමාන්‍ය වැසියන් හා යුක්රේන සෙබලුන්ගේ සිරුරු ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බව ද යුක්රේන ජනාධිපතිවරයා සදහන් කරනවා. කෙසේ වුවද මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි රුසියාව නිවේදනය කරන්නේ. එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයාගේ චෝදනා මේ වන තෙක් තහවුරු කරගෙන නැහැ. මේ අතර යුක්රේන ආරක්ෂක අංශ කර්සන් නගරයට ඇදිරි නීතිය පනවා ඇති අතර ගමන් තහනමක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.