ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සැමරුම අද පැවැත්වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සැමරුම පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේ දී සිදුකෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු 88 / 89 සමයේ ජීවිත අහිමි වූ සියලු පක්ෂ සාමාජිකයින් සමරා මෙම සැමරුම පැවැත්වෙනවා. ඉල් මහ විරුවන් සිහිපත් කරමින් ඉදිකරන ලද ස්මාරකයට මල් කළඹ තබා පහන් දල්වමින් ආචාර දැක්වීමට පක්ෂ සාමාජිකයින් කටයුතු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KWN_0Q8hI-o”]