fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරිය විරෝධතාවට එක්වීම ගැන එජාපයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2022 12:12

සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරිය විරෝධතාවට එක්වීම ගැන එජාපයෙන් නිවේදනයක්

සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රීනි ෂශි හෙට්ටිආරච්චි මෙනවිය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට සහභාගී විම පිළිබද පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරිම කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති කරුණක් නොවන බවයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගිය සිකුරාදා පැවති විරෝධතාවට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී ෂශි හෙට්ටිආරච්චි මෙනවිය සහභාගී වි තිබුණා. ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පැවති මෙම විරෝධතාවට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරිය සහභාගි විම පිළිබද පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා. එම සහභාගී විම සම්බන්ධයෙන් පක්ෂයෙන් කිසිදු විමසිමක් ද සිදු නොකල බව ද එම නිවේදනයේ සදහන්. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ. මුදල් අමාත්‍යාංශය රාජත්‍රාන්තිකව මැදිහත්වන කටයුත්තකට පක්ෂයක් ලෙස සම්බන්ධ නොවන බව ද පක්ෂ මහලේකම්වරයා පෙන්වා දෙනවා. කුමන පක්ෂයක හෝ ජනතා නියෝජිතයින් ලෙස තනතුරුවලට පත් විමෙන් පසු ඔවුන්ගේ ක්‍රියා කලාපය අතිශයින්ම වගකිම් සහගත විය යුතුයි. අත්තනොමතික හැසිරිම් සමාජයේ අගතියට මිස උන්නතියට හේතු නොවන බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය තුලින් පෙන්වා දෙන්නේ. අදාළ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරිය පිළිබද අනුගමනය කරන ක්‍රියා මාර්ග ගැන පක්ෂ කළමනාකරණ මණ්ඩලය ඉදිරියේ දී තීරණය කරන බව ද පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සදහන් කරනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2022 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්