මෙම මාසය තුළ නැවත ඉන්ධන මිළ සංශෝධනයක් සිදු නොවන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පසුගිය සිකුරාදා දිනයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදු කල බැවින් යළි නොවැම්බර් 15වනදා යළි මිළ සංශෝධනයක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඛණිජ තෙල් නීති ගත සංස්ථාව ආනයනය කළ ඔක්ටෙන් 95 ප්‍රෙටල් තොගය ගොඩ බෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කර තිබෙනවා. එමෙන්ම නව ක්‍රමවේදයකට අනුව සැපයුම්කරුවන්ගේ එකඟතාව මත බොරතෙල් ගොඩබෑම ද ඊයේ රාත්‍රියේ ආරම්භ කළ බවයි ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ.