රුසියා හමුදා වෙතින් කේසන් ප්රාන්තය මුදා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් යුක්රේන ජනතාව සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.
දකුණු දිග යුක්රේනයේ පිහිටි කේසන් නගරයෙන් සම්පූර්ණයෙන් ම සිය හමුදා ඉවත් කර ගත් බව රුසියාව නිල වශයෙන් මේ වන විට ප්රකාශ කර තිබෙනවා. සිය හමුදා වෙත පහසුකම් සැපයීමට නොහැකි වීම හමුදා ආපසු කැදවීමට ප්රධානතම හේතුව බවයි රුසියා හමුදා ප්රධානීන් සදහන් කර තිබුණේ.
රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමෙන් පසු රුසියා හමුදා අතට පත් වූ ප්රධානතම යුක්රේන නගරය වන්නේ කේසන් නගරයයි. මෙම ප්රදේශය ආපසු යුක්රේනයට අත් කර ගැනීමට හැකි වීම සමග ජනතාව දේශාභිමානී ගීත ගායනා කරමින් ජයග්රහණය සමරන ආකාරය දැක ගැනීමට ලැබුණා.