මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ. පී. ගුණවර්ධන මහතා පසුගිය 2022-10-28 වන දින පැවති සභා වාරයේ දී ප්‍රා.සභා.මන්ත්‍රී ස්වාධින පක්ෂ පූජ්‍ය වටරැක විජිත හිමියන් හට වතුර බෝතලයකි පහර දුන් බවට සිදුකළ පැමිණිල්ලකට අනුව අද දින මහියංගන පොලිස් ස්ථානාධිපති ඩ්බ්ලිව් ඩබ්ලිව්.සී.ආර් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය සභා කාර්යාලයේදී, ප්‍රදේශිය සභාපතිතුමන් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා පියවර ගනු ලැබීය.
එසේම 2023 වර්ෂය සඳහා මහියංගන ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම අද දින සිදුකරන ලැබූ අතර, එම ඡන්ද විමසීමෙන් සභාපතිවරයා 13 ට 07ක් ලෙස ජයග්‍රහණය ලැබීය. 2023 වර්ෂය සඳහා වූ අයවැය ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය 13ක්ද, එයට විරුද්ධව ඡන්ද 07 ක් එහි දී ප්‍රකාශයට පත් වූ අතර මන්ත්‍රී වරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිම සදහා පැමිණ සිටියේ නැත.
අයවැය ඡන්ද විමසුම උදැසන පැවති අතර, අයවැය ජයග්‍රහණය කර, සභාපතිවරයා එතුමන්ගේ කාර්යාලයට ගොස් සිටියදී පොලිසිය විසින් සභාපතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය. අයවැය ඡන්ද විමසුම සදහාද උදැසන පොලිස් ආරක්ෂාව යොදා තිබූනි.