ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.
කොප් 27 දේශගුණික විපර්යාස පිළිබද රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවට ගොස් සිටියා. එම සමුළුව ඇමතීමට අමතරව රාජ්‍ය නායකයන් ඇතුළු ලෝක ප්‍රධානීන් කිහිප දෙනෙකුම හමුවීමට මෙම සංචාරයේදී ජනාධිපතිතුමාට හැකි වුණා.
එම සංචාරය නිම කර ජනාධිපතිවරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.