ගිංතොට දී දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ගිංතොට ගිංගග මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ දී සිසුන් දෙදෙනා දියේ ගිලී මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙ ම අවාසනාවන්ට ඉරණමට ගොදුරුවූයේ නාවින්න අරාබි විදුහලේ ඉගෙනුම ලැබූ 14 හා 15 හැවිරිදි සිසුන් දෙදෙනෙක්. ප්රදේශවාසීන් විසින් සිසුන් දෙදෙනා ගොඩට ගන්නා අවස්ථාවේ එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව සිටි අතර අනෙක් සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා.