fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්දකාඩුවලින් පැන ගිය 41ක් සොයා තවදුරටත් මෙහෙයුම් – භාරවුණු 201ක් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2022 11:31

කන්දකාඩුවලින් පැන ගිය 41ක් සොයා තවදුරටත් මෙහෙයුම් – භාරවුණු 201ක් රිමාන්ඩ්

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය රැදවියන් 41 දෙනෙකු සොයා අද දවසේත් මෙහෙයුම් සිදු වනවා. පලාගිය රැදවියන් පිරිසෙන් නැවත භාරවුණු 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

රැදවියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණා.  එහිදී සිද්ධිය පාලනය කිරීමට පොලීසිය මෙන්ම හමුදාවේ සහාය ලබාගැනීමට ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් කටයුතු කර තිබුණා. ඊයේ දිනයේදී ද පලා ගිය රැදවියන් සොයා මෙහෙයුම් සිදු කළ අතර එහිදී 200 දෙනෙකුට අධික පිරිසක් භාරවී තිබෙනවා. මෙම ගැටුමට මැදි වූ රැදවියන් 264 දෙනෙකු වැලිකන්ද සේනපුර පිහිටි පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට යුද හමුදාව කටයුතු කළා. භාර වූ පිරිස වැලිකන්ද, මනම්පිටිය, පොලොන්නරුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රවෙත රැගෙන විත් ඊයේ රාත්‍රියේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද උදෑසන පොලොන්නරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් බන්ධනගාර ගත කෙරුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදු කරනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2022 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්