fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගානියා ට එරෙහි නඩුවේ විරෝධතාවලට ලිඛිත දේශන ඉදිරිපත් කරන්න නීතිපතිට කල්දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2022 12:24

ගානියා ට එරෙහි නඩුවේ විරෝධතාවලට ලිඛිත දේශන ඉදිරිපත් කරන්න නීතිපතිට කල්දෙයි

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහි නඩුවේ විත්තිය මතුකළ විරෝධතාවලට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අධිකරණය කල් ලබාදුන්නා.

2019 වසරේ සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකළ බවට අසත්‍ය ප්‍රකාශයක් කළේයැයි චෝදනා කරමින් ගානියා බැනිස්ටර්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා. එය කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේ කැඳවනු ලැබුවා.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ලිඛිත දේශන අධිකරණයට භාරදුන්නා. ඊට අදාළ පිළිතුරු ලිඛිත දේශන සති තුනක් තුළ ගොනුකරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාට කල් ලබාදුන්නා. නඩුව ජනවාරි 11 වනදා යළි කැදවීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2022 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්