බස්නාහිර පළාතේ ලියාපදිංචි වු වෘත්තීය ත්‍රිරෝද රථවලට සතියකට ලීටර් 10ක ඉන්ධන කෝටාවක් ලබා දීම අද සිට ක්‍රියාත්මක බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.
මීට පෙර ත්‍රිරෝද රථ සඳහා ලීටර් පහක ඉන්ධන කෝටාවක් ලබාදීමට පියවර ගෙන තිබුණා. කෙසේවෙතත් අද සිට බස්නාහිර පළාතේ ලියාපදිංචි කුලී ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 10ක් ලබා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්ධන කෝටාව වැඩිකර ගැනීම සදහා ලියාපදිංචි වීමට තවදුරටත් අවස්ථාව පවතින බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කරනවා. මෙම වැඩපිළිවෙල කඩිනමින් සෙසු පළාත්තුළද ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරනවා.