ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ නංවා තිබෙනවා. මිල සූත්රයට අනුව මෙම මිල ඉහළ නැංවීම සිදුකළ බවයි ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරන්නේ.
ඒ අනුව මෙම මිල ගණන් අද සිට ක්රියාත්මක වනු ඇති. ලිට්රෝ ගෑස් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 4360ක්. කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් ඉහළ නංවා ඇත්තේ රුපියල් 30 ක මිලකිනුයි. එහි නව මිල 1750 ක් බවයි ලිට්රෝ සමාගම නිවේදනය කරන්නේ. කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල 815ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/G2B5uJqT8Rs”]