වර්ෂාව වැඩි වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම්කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. එම ඩෙංගු මර්දන මෙහෙයුමට ශ්‍රී ලංකා පොලිසිය දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කළා.
ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් ඩෙංගු මර්දන වැඩසටහනක් රටපුරා ආරම්භ කර තිබෙනවා. පොලිස් පරිසර කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්යබලකාය මෙන්ම ජාතික ඩෙංගු මර්දන ඒකකය හා පළාත් පාලන ආයතන ඒකාබද්ධව ඩෙංගු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පොලිසිය අදාළ අංශ හා කොළඹ මහානගර සභාව එක්ව කොළඹ 07 සමුළු නිවාස කෙන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම යටතේයි.
පොලිසිය විසින් ඩ්‍රෝන යානා යොදා ගනිමින් නිවාස පරික්ෂා කිරීම්ද සිදු කිරීම විශේෂත්වයක්.