fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අනතුරට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2022 09:18

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අනතුරට

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් වව්නියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

නොච්චිමොටෙයි පාලමේ ගැටී බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වුණා. සිද්ධියෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලැබුවා. කොළඹ දෙසට සුඛෝපභෝගී බස් රථය ධාවනය කරන අතරතුර මෙම අනතුර සිදුවීමත් සමග ඊට පිටුපසින් පැමිණි තවත් බස් රථයක් අනතුරකට ලක්වීමට ගිය අවස්ථාවක් රියදුරුගේ දක්ෂතාව හේතුවෙන් වළක්වා ගෙන තිබෙනවා.

පිටුපසින් පැමිණි බස් රථයේ මගීන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. ඉදිරියෙන් පැමිණි බස් රථයේ රියදුරුට නින්දයාම හා අධික වේගයත් සමග බස් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය අයගෙන් දෙදෙනෙකු වැල්වැටිතුරෙයි සහ නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් වයස අවුරුදු 23 හා 32 යන සීමාවන්හි පසුවනවා. සිද්ධියෙන් බස් රථයේ රියදුරුද මිය ගියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2022 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්