2050 වන විට අප්‍රිකාවේ උසම කන්ද අයිස් වලින් තොර වන තත්වයක්
Related Articles
අප්‍රිකාවේ උසම කන්ද වන කිලමන්ජාරෝ හි 2050 වසර වන විට අයිස් නොමැති තත්ත්වයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
දේශගුණ විපර්යාස හේතුවෙන් කිලමන්ජාරෝ ඇතුළු කදු රැසක හිම තට්ටු දියැවී යෑමේ දැඩි අවදානමක් මේ වන විට මතු වී තිබෙනවා. චන්ද්‍රිකා දත්ත යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබෙනවා.
කිලමන්ජාරෝ කන්ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ස්ථානයක් ද වනවා. දේශගුණ විපර්යාස මැඩලීම සදහා ලොව පුරා රටවල් පොදු වැඩපිළිවෙළක් අනුගමනය නොකළහොත් සිදු විය හැකි විපාක අතිශයින් බරපතළ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ.