කසක්ස්ථානයේ ගල් අගුරු පතලක ඇති වූ මීතේන් වායු කාන්දුවකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මීතෙන් වායුව ආඝ්රාණය කිරීම නිසා අසනීප තත්ත්වයට පත් වූ තවත් පුද්ගලයන් 4 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පතල තුළ සිරවී සිටින තවත් පුද්ගලයන් පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුමක් ද මේ වන විට ක්රියාත්මකයි. කසක්ස්ථානයේ විශාලතම ගල් අගුරු පතලකයි මෙම අනතුර සිදු ව ඇත්තේ.