fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕමානයෙන් ශ්‍රී ලංකාවට රුපියල මිලියන 191 ක ඖෂධ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2022 21:57

ඕමානයෙන් ශ්‍රී ලංකාවට රුපියල මිලියන 191 ක ඖෂධ

ඕමාන රජය ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ තොගයක් ලබා දී තිබෙනවා.

හෘද රෝග , අධි රුධිර පීඩනය, ආතරයිටීස්, හෝමෝන අසමතුලිතතා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා රෝග මෙන්ම ස්නායු රෝග සදහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ මෙම ඖෂධ තොගයට ඇතුළත්. එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාර කෙරුණා.

ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති සයිද් අල් නසීර් අල් හර්බි මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඕමාන රජය හා ශ්‍රී ලංකාව අතර දැනුම හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර අදහස් හුවමාරු කර ගැනුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2022 21:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්