ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැට තුන් කෝටි හැට ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ගත වූ පැය 24 ට පමණ හමු වී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ එක් දහස ඉක්මවා තිබෙනවා.
සිදුව ඇති මරණ සංඛ්‍යාව 835 ක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව හැට පන්දහසකට අධිකයි.
එමෙන්ම දකුණු කොරියාවෙන් 58,000 ක්, තායිවානයෙන් 34000 ක් හා ජර්මනියෙන් 29,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුවී තිබෙනවා.
ගත වූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 201 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට පන් ලක්ෂ අනූ පන් දහස ඉක්මවා ගියා.