fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2022 17:41

ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකට මුහුණදී ඇති පසුබිමක චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. අබුඩාබිහි පැවැත්වෙන කර්මාන්ත සමුළුවකට සහභාගී වී සිටින අමාත්‍යවරයා සමුළුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල වෙනස්වීම දරාගැනීමේ අභියෝගයට ශ්‍රී ලංකාව තවමත් මුහුණ දී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවලින් මූල්‍ය ආධාර අපේක්ෂා කළ ද ඉන්දියාව සමග පවතින ගණුදෙනුව හැර මේ වන තෙක් කිසිදු ආධාරයක් ලබාගෙන නැති බවයි කංචන විජේසේකර මහතා ජාත්‍යන්තර මාධය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ. නොවැම්බර් මාසය අවසානය වන විට චීනයෙන් ඩීසල් තොගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර ඉන්  මාස කිහිපය ඩීසල් අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළකරන්නේ.

මේ අතර චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකාවට චීනය ඩීසල් ලීටර් මිලියන 10.6 ක තොගයක් පරිත්‍යාග කර ඇති බවයි. එම ඩීසල් තොගය මෙම මස අවසානය හෝ ලබන මස මුල නැව්ගත කිරීම සිදුවන බවයි. කෘෂිකාර්මික,  ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්ව සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සදහා එම ඉන්ධන යොදාගැනීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2022 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්