ලෝක නගර දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 400ක වියදමෙන් ඉදිකළ කෝට්ටේ කොටු බැම්ම තෙත් බිම් උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. නිසි පරිදී සැලසුම්කර නගර නිර්මාණය කිරීමෙන් පාරිසරික ගැටලු වළක්වා ගත හැකි බවයි මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.
කෝට්ටේ කොටු බැම්ම තෙත් බිම් උද්‍යානය හෙක්ටාර 14කින් යුක්තයි. මෙහි විවිධ පක්ෂීන් ඇතුළු සත්ව විශේෂ රැසක් දැකගත හැකියි. මෙම උද්‍යානය පෙරවරු 6.00සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙනවා. එය විවෘත කිරීමෙන් පසු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා. ලෝක නගර දිනය වෙනුවෙන් පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ද පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසලින් ඇරඹුනා. කළුවර සහ කරද පැල රෝපණය කිරීමේ වැඩසටහනක් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.