ඉතාලියේ මිලානෝ නුවර සුපිරි වෙළඳසළකදී සිදු වු පිහි ඇනුමකින් සුපිරි පාපන්දු ක්රීඩකයෙකු වන පැබ්ලෝ මාරි ඇතුලු 05 දෙනෙකු තුවාල ලැබුවා.
මෙම සිද්ධියෙන් තුවාල ලැබු අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ඉතාලි පොලිසිය තහවුරු කර ඇත්තේ. මිය ගිය පුද්ගලයා සුපිරි වෙළඳසලෙහි සේවය කල අයකැමියෙකු බව ද එරට පොලිසිය සඳහන් කලා. වයස අවුරුදු 46ක පුද්ගලයෙකු මෙම පිහි ඇණුම සිදු කර තිබෙනවා. මොහු මානසික අබාධයකින් පෙලුණු අයෙකු බවයි මුලික විමර්ශනවලදි හෙළි වුණේ.