ඛණිජතෙල් නිෂ්පාදන පනත පසුගිය 26 වනදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සම්මත වුණා. 26 වනදා සිට මෙම පනත ක්‍රියාත්මක බව දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පනත් කෙටුම්පත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූණා. මෙමගින් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්රයට ප්‍රවේශ වීමේ හැකියාව හිමිවනවා.
එමෙන්ම ගුවන්යානා ඉන්ධන ආනයන ඒකාධිකාරිය ඉවත් කිරීම සහ නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කිරීම ද පනත මගින් සිදු කෙරුණා.