මහවැල් එල් කලාපයේ මාස් කන්නයේ වී වගා කටයුතු ආරම්භ කෙරුණා.
ගොවීන්ට මෙවර මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා. අක්කර දහසකට අධික භූමි ප්‍රදේශයක වී වගා කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ වී වැපිරීමේ කටයුතු ද ආරම්භ කර තිබුණා. නියමිත වේලාවට වී වැපිරීමට හැකිවීම සහ පොහොර ප්‍රමාණවත් පරිදී ලැබී ඇති නිසා මෙවර කන්නයේ ඉහළ අස්වැන්නක් ගොවීන් අපේක්ෂා කරනවා.