පසුගිය වසර හතක ක්‍රියාකාරීත්වය තුළ, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව භාවිතකළ විවිධාකාරයේ ප්‍රාග්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 85කි.
චීනය විසින් යෝජනාකර ආරම්භ කරන ලද නව ආකාරයේ ජාත්‍යන්තර බහු පාර්ශ්වික ආයතනයක් ලෙස, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව පසුගිය වසර හත තුළ, බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කරමින් ව්‍යායාපාර සහ ආයතනික වශයෙන්ස්ථාවර හා වේගවත් සංවර්ධනයක් අත්කරගෙන ඇත. මේ වනවිට, එහි ආරම්භක සාමාජිකයින්57ක සිට මහාද්වීපහයකින් සාමාජිකයින් 105ක් දක්වා වර්ධනය වී ඇත. එසේම, ව්‍යාපෘති 191ක් අනුමත කරමින් පුද්ගලික අංශය ඇතුළුව ඇමෙරිකානු ඩොලර් බිලියන 85කට වැඩි ප්‍රාග්ධන භාවිත කර ඇති අතර, ආසියානු අභ්‍යන්තර සහ බාහිර කලාපීය සාමාජික රටවල් 33කට ඉන් ප්රතිලාභ ගෙන දීඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා පැවසුවේ අනාගතයේදී, සාමාජිකයින්ට හරිත ආර්ථික සංවර්ධනයක් ළඟාකර ගැනීමට සහ පුළුල් ආර්ථික ප්‍රකෘතියකට සහායවීම සඳහා මූල්‍ය ක්‍රම සහ මෙවලම් නව්‍යකරණය අඛණ්ඩව සිදුකරන බවයි.