රිච්ට පරිමාණ ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුතු භුකම්පනයක් පිලිපීනයෙන් වාර්තා වනවා.
අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මැනිලා අගනුවරට කිලෝමීටර 300ක් පමණ දුරින් උතුරු දිග පිලිපිනයේ ඩොලොරෙස් නගරයට ආසන්නයේ මෙම භුකම්පනය සිදුව ඇත්තේ.
භුකම්පනය හට ගැනිමත් සමඟ කලබල වු නගර වැසියන් ගොඩනැගිලි වලින් පිටතට දිවයන ආකාරය මාධ්‍ය වාර්තා කළා.
නගරයේ පිහිටා ඇති ප්‍රාදේශිය රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 200 දෙනෙකු පමණ ඉන් ඉවත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වසා දැමීමට පියවර ගැනුණා.
භූකම්පනය මිනිත්තු කිහිපයක කාලයක් බලපෑ බව නගර වැසියන් පවසනවා. කෙසේ වුව ද සිදු වු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්ථා වී නැහැ.