ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකනෙ අමූ හාජි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
දකුණු දිග ඉරානයේ ෆාස් ප්‍රදේශයේ වාසය කළ අමූ හාජි මිය යන විට 94 වන වියේ පසු වුණා.
වසර 50 කට වැඩි කාලයක් ඔහු ස්නානය කර නොතිබුණු අතර මීට මාස කිහිපයකට පෙර ප්‍රථම වතාවට ජලය යොදාගෙන පිරිසිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මීට පෙරද කිහිප වතාවක්ම ගම්වැසියන් ඔහුව පිරිසිදු කිරීමට උත්සාහ කර තිබුණ ද ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ බවයි වාර්තා වන්නේ.
ජලය හෝ සබන් ඇඟ ගැල්වීමෙන් රෝග වැලදීමේ හැකියාවක් ඇති බවට ඔහු බියෙන් පසු වූ බව ගම්වැසියන් සඳහන් කරනවා.
හදිසියේම රෝගාතුර වූ ඔහු පසුගිය ඉරිදා දිනයේදී මිය ගොස් තිබෙනවා.