හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදයි. හින්දු බැතිමතුන්ගේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙසයි දීපාවලිය සැලකෙන්නේ.
ගණදුර පළවාහැර ආලෝකය පතුරවාලීම මෙන්ම අවිද්‍යාවේ අන්ධකාරය දුරුකොට ප්‍රඥාවේ ආලෝකය හදවත් තුළ දැල්වේවායි ප්‍රාර්ථනා කරමින් ලොව පුරා හින්දු බැතිතුමන් දීපාවලිය සැමරීමට එක්ව සිටිනවා. හින්දු සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා මගින් නිවෙස් අලංකාර කර පවුලේ සියලු දෙනා එක්ව පහන් දල්වා සුරයන් විසින් අසුරයන් පැරදවීම සිහිපත් කරමින් දෙවියන් උදෙසා පුදපූජා පැවැත්වීම දීපාවලියේ දී සිදුවනවා.