කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අද රාත්‍රී 10.00 සිට හෙට මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණා. ඒ, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්රදේශවලටයි. කෙසේ වෙතත් මේ වනවිට අදාළ ජල කප්පාදුව සිදුකිරීම අත්හිටුවා තිබෙනවා.