fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2022 09:54

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහෙන් දොරටු 4ක්ම අද අලුයම විවෘත කෙරුණා. ඒඅනුව තත්පරයට ඝනඅඩි 200ක ජල ධාරිතාවක් කොත්මලා ඔයට මුදා හරින බවට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසනවා. කොත්මලේ ජලාශයේ ජල පෝෂණ ප්‍ර දේශයට තවදුරටත් වැසි ලැබුණහොත් අනෙක් වාන් දොරටුව ද විවෘත කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබීමත් සමඟ සෙන් ක්ලෙයාර් හා ඩෙවොන් දිය ඇලිවලින් අධික ජල ධාරාවක් පහළට ඇද හැලෙනවා.

මේ අතර විමලසුරේන්ද්‍ර ජලාශය ද  වාන් දමමින් පවතිනවා. ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා. කාසල්රී ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා. පසුගිය පැය 24ක කාලය තුල මෙම ප්‍රදේශවලට මිලිමීටර් 75කට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2022 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්