fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිළිණි සහ ඉසුරු තවදුරටත් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2022 16:34

තිළිණි සහ ඉසුරු තවදුරටත් රිමාන්ඩ්

මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික සහකරු බව කියන ඉසුරු බණ්ඩාර යන අය ලබන දෙවන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කිසිදු ආදායමක් නොමැතිව ඇයගේ ගිණුමට රුපියල් මිලියන තුන්දහසක මුදලක් පසුගිය ජූලි මස තෙක් ලැබි ඇති බවයි රහස් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන අයට එරෙහි නඩු කිහිපයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැදවුවා. රුපියල් ලක්ෂ අටදහස් හත්සියතිහකට අදාළව නව පැමිණිලි 03 ක් සහ රුපියල් ලක්ෂ 08ක් වටිනා රන් මාලයක්, රුපියල් කෝටියකට වඩා වටිනා රං ක්‍රිලෝ ග්‍රැම් එකක් සම්බන්ධ පැමිණිලි ද ඒ අතර වෙනවා. අදාළ රත්රන් / රන්භාණ්ඩ අලෙවි කරණ ආයතනයක ඇති බවට තොරතුරු ලැබි ඇති බැවින් ඒ පිළිබද රහස් විමර්ෂණ සිදු කෙරෙන බව ද රහස් පොලිසිය පැවසුවා. ඉසුරු බණ්ඩාර යන අයගේ ගිණුමේ රුපියල් ලක්ෂ සියයක් ඇති බවයි විමර්ශන නිලධාරීන් සදහන් කළේ. තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරයේ සිටිය දී ජංගම දුරකතන 03 ක් අවස්ථා දෙකක දී අත්අඩංගුවට ගත් බව කී පොලිසිය ගත් සහ ලැබුණු ඇමතුම් 11ක් අතුරින් පුද්ගලයන් 04 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද සදහන් කලා. එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන්සියක් ඉල්ලා ඇති බවයි එහිදි හෙළි වී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2022 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්