අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ ක්‍රියාකාරීන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරුණු පාගමන හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා. පොලීසිය මැදිහත්වී මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර වාහන ගමනාගමනයට ඉඩ සළසාදීමටයි පියවර ගැනුනේ. කෙසේ වුවද මෙම විරෝධතාව අතරතුර ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා.