2022 පොදු රාජ්ය මණ්ඩලීය ක්රිඩා උලෙලේදී මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් අබේකෝන් කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ළඟා වුණා.
ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 226 දරණ ගුවන් යානයෙනුයි යුපුන් අබේකෝන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියේ එහිදී ඔහු පිලිගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණා. යුපුන්ගේ මව, පියා මෙන්ම ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ සභාපති පාලිත ප්රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/YMppL7a7EdM”]