fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු කුසලාන 20යි20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2022 13:39

ආසියානු කුසලාන 20යි20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද

ආසියානු කුලසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සමග අවසන් මහා තරගය සදහා  සුදුසුකම් ලබා සිටින්නේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමයි.

අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය එක් ලකුණකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර තායිලන්තය පරාජයට පත් කරමින් ඉන්දියානු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තගරයට සුදුසුකම් ලබා ගත්තේ වසර 14කට පසුවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව මෙතෙක් හිමිකර ගෙන නැහැ. ඉන්දියාව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි 06ක ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂතා කෙරෙහි වැඩි අවධානය යොමුකර ඇති බවයි ක්‍රිකට් විචාරකයන් මත පළකරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු මෙහෙයවන අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවන්නේ හර්මන් ප්‍රීට් කෝර්.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2022 13:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්