වරකාපොල තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ මවගේ හා පුත්‍රයාගේ සිරුරු සොයා ගැනුණා.
අධික වර්ෂාවත් සමඟ එකවරම මෙම නිවස මතට පස් කන්ද කඩා වැටී තිබෙනවා. යුද හමුදාව , කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුරු සොයා ගෙන තිබෙනවා. සිද්ධියෙන් පසු පියා ගලවා ගැනිමට සහන කණ්ඩායම්වලට හැකිවුණා. ඔහු වරකාපොල රෝහලට ඇතුළත් කෙරුණා.