තුර්කියේ ගල් අගුරු පතලක සිදුවූ පිපුරුමකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම පිපුරුම සිදුවන අවස්ථාවේ පතලතුළ 110 දෙනෙකු පමණ සේවය කරමින් සිටි බවයි වාර්තා වන්නේ. විශාල පිරිසක් තුවාල ලබා ඇති බව තුර්කි මාධ්‍ය සඳහන් කළා. පිපුරුම සිදුව ඇත්තේ මීටර් 300 ක් පමණ ගැඹුරු ස්ථානයකයි. අනතුරට පත්වූ 11 දෙනෙකු සාර්ථක ලෙස මුදා ගැනීමට හැකිවුණා. රාත්‍රී කාලයේදී අනතුර සිදුව තිබෙනවා.