මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය ධූරයේ රැදී සිටීම සම්බන්ධයෙන් ඇයගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරින් මේ වන විට දැඩි විරෝධතාවක් මතුවෙමින් තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට ඊයේ කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වුණා. පාලක කොන්සවේටිව් මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ අග්‍රාමාත්‍ය ලිස්ට්රස්ගේ හිතුවක්කාරී තීරණ තමන්ට දිගින් දිගට අනුමත කිරීමට නොහැකි බවයි.
ඇය ගත් තීරණ අනාගතයේදී සාධාරණීකරණය වනු ඇති බව ඇයට පක්ෂපාතී කණ්ඩායම් සදහන් කළා. බදු ආදායම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණයක් ආපසු හැරවීම පිළිබදව ඇති වූ මතභේදයක් හේතුවෙන් මුදල් අමාත්‍යවරයා බලයෙන් පහ කෙරුණා.