කොළඹ සහ නේපාලයේ ලුම්බිනිය අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ශ්‍රී ලංකාවේ නේපාල තානාපති බාෂුදේව් මිශ්රා යන මහත්වරුන් අතරයි මෙම සාකච්ඡාව පැවැත්වූයේ.
මෙහිදී නේපාල තානාපතිවරයා ඉල්ලා සිටියේ නේපාලයේ අගනුවර වන කත්මන්ඩු දක්වා ක්‍රියාත්මක ශ්‍රී ලන්කන් ගුවන් සේවාවන් ලුම්බිනි දක්වා ක්‍රියාත්මක කරන ලෙසයි.
ගුවන් සේවා පුළුල් කිරීමෙන් බුදුන් වහන්සේ උපන් ලුම්බිනිය වැඳපුදා ගැනීමට යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට විශාල සහනයක් වන බවද තානාපතිරයා මෙහිදී පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නේපාල ජාතිකයින් විශාල පිරිසක් කැමැත්තෙන් පසුවන බවත් ගුවන්සේවා පුළුල් කිරීමෙන් ඊට ඉඩකඩ සැලසෙන අතර දෙරටේ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවද නේපාල තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙය කාලෝචිත යෝජනාවක් බැවින් අදාළ අංශ සමග සාකච්ඡා කර පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම හමුවේදී අවධාරණය කළා.