fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2022 09:21

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක්

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයට අනුව ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා සාමාන්‍ය සේවය හා එක්දින සේවය සම්බන්ධයෙන් ගෙවිය යුතු නව ගාස්තු අදාළ ගාසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව රියදුරු බලපත්‍රයක් සදහා ඉල්ලුම් කිරීමේ දී සාමාන්‍ය සේවා ගාස්තු යටතේ එක් පන්තියක් සදහා රුපියල් 2,500 ක් අයකෙරෙන අතර එක්දින සේවා යටතේ එක් පන්තියක් වෙනුවෙන් අයකෙරෙන මුදල රුපියල් 3,500 ක්.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර ලාභීන් සදහා මාර්ගගත සේවා ඔස්සේ අයැදුම් කිරීමේ දී ගෙවීම් ඇමෙරිකා ඩොලර් මගින් සිදුකළ යුතුයි.

මේ අතර රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, රියදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එක් කිරීම, රියදුරු බලපත්‍රය අලුත් කිරීම මෙන්ම වලංගු කාලය දීර්ඝ කිරීම සදහා වන ගාස්තු ද නව ගැසට් නිවේදනයෙන් සංශෝධනය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2022 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්