ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
පාසල් වයසේ පසුවන දරුවන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලැබුවා. කාජ් නමැති උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානය ප්‍රහාරයට ඉලක්ක වුණා. මෙම ප්‍රදේශයේ හසාරා නමැති සුළුතර ජනවර්ගයේ පිරිස් වැඩි වශයෙන් ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
පසුගිය කාලයේදීද මෙම ප්‍ර දේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ලවුනා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් වගකීම භාරගෙන නැහැ.