ඉන්දීය ප්රභල වේගපන්දු යවන ක්රීඩක ජස්ප්රිට් බුම්රාට එළඹන විස්සයි විස්ස ලෝකකුසලාන ක්රිකට තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඔහුගේ පිටකොන්ද ආබාධයකට ලක්වීම ඊට හේතුව බවයි ඉන්දීය ක්රිකට් ආරංචිමාර්ග සදහන් කරන්නේ. කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන දකුණු අප්රිකාවට එරෙහි විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය සදහා බුම්රා නම් කර ඇති බව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනවා.
කෙසේ වෙතත් අදාළ ආබාධය හේතුවෙන් බුම්රාට මාස 6 ක කාලයක් ක්රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තවදුරටත් සදහන් කරන්නේ.