දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින් කණ්ඩායම පරාජයට පත් කරමින්.
5 වන වරටත් පැවති දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලිය මාලේ නුවරදී පැවැත්වුණු අතර ඒ සදහා කණ්ඩායම් 6 ක් එක්ව සිටියා. කෙස් වෙතත් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ සත්කාර මාලදිවයින් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායමයි.
තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකණු 46 ට 22 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරගයේ දෙවන අර්ධය නිමාවන විට ලකුණු සටහන දැක්වූයේ 72 ට 59 ක් ලෙසින්. ඒ අනුව තරගාවලියේ ජය ශ්රී ලංකාවට හිමි වූ අතර දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියක් ශ්රී ලංකාව ජයග්රහණය කළ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා