fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ යුආන් මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2022 15:25

චීනයේ යුආන් මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහළට

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව චීනයේ යුආන් මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.

2011 වසරට පසු පළමුවරටයි යුවාන් මුදල් ඒකකයේ අගය ඩොලරයට සාපේක්ෂව පහළ ගොස් ඇත්තේ.

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ යුවාන් මුදල් ඒකකය දුර්වලතම තත්ත්වයකට පත්ව ඇති බවද වාර්තා වනවා.

ලොව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකයට සාපේක්ෂව ඇමෙරිකා ඩොලරයේ අගය ක්‍රමිකව ඉහළ යාම ලොව රටවල ආර්ථිකයන්ට දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා.

ඇමෙරිකා මහ බැංකුව මෙම මාසයේ මුල්භාගයේ දී පොලී අනුපාත ඉහළ දැමීමයි ඊට හේතුවී ඇත්තේ. මේ අතර ජපානයේ නිකී, හොංකොං,  හැංන්ග්, සෙන්ග් හා දකුණු කොරියාවේ කොස්පි යන දර්ශක සියයට දෙකකින් පමණ පහළ ගොස් ඇති බවද සඳහන්.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2022 15:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44