සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ බස්නාහිර දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය: කන්කසන්තුරය සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-09-28 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 34 | 25 | 90 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 33 | 24 | 95 | 60 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ | 31 | 27 | 80 | 70 | වැසි ස්වල්පයක් |
ගාල්ල | 28 | 26 | 85 | 80 | වැසි ස්වල්පයක් |
යාපනය | 34 | 26 | 95 | 65 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මහනුවර | 29 | 21 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
නුවරඑළිය | 20 | 13 | 95 | 80 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
රත්නපුරය | 32 | 23 | 95 | 60 | වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය | 35 | 23 | 90 | 55 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 30 | 27 | 90 | 75 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |