දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර වෙළද හා ආර්ථික කටයුතු තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා අවධාරණය කරනවා.
දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩ්විලේ එඩ්වඩ් ස්චෝර්ක් සහ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර ද්වීපාර්ශ්වික හමුවක් වෙළද වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. එම සාකච්ඡාවේදීයී දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා මේ බව අවධාරණය කළේ.
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලීන් රාජ්‍යයන් වනවා. මේ නිසා වෙළද කටයුතු වර්ධනය කර ගැනීමටත් දකුණු අප්‍රිකාවේ දියුණු වානිජ කෘෂිකර්මාන්ත තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීම පිලිබදවත් දකුණු අප්‍රිකාවේ අවධානය යොමු වී ඇති බවයි මහකොමසාරිස්වරයා කියා සිටියේ. සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් අප්‍රිකාව භාවිත කරන සාර්ථක ක්‍රමවේදයන් පිළිබදව ද මෙහිදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ විමසුමට ලක් වුණා.