ජාතික සභාවේ සමාරම්භ රැස්වීම ලබන 29 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා.
පාර්ලිමේන්තුවේදී යෝජනාවකින් සම්මත කළ ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වනදා පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් එය පැවැත්වෙනවා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකට අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන්ගෙන් සමන්විත ජාතික සභාව සදහා දැනට නම් ලබාදී ඇති මන්ත්රීවරුන්ගේ ලේඛණය කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.